පාළු ගෙය (Palu Geya)[The Deserted House]

පාළු ගෙය (Palu Geya)[The Deserted House] - Your Choice Way
කොල්ලො ටිකක් එකක් වෑන් එකකින් පොඩි ට්‍රිප් 1ක් යන්න සෙට් වෙලා. ඉතින් මේ කොල්ලො ටික යන ගමන් එක කොල්ලෙක් දන්න කියන තැනක ටිකක් නතර වුනාලු. ඉතින් පොඩි රෙස්ට් එකක් අරගෙන ඩ්‍රින්ක් එකක් දාන්න සෙට් වෙලා. හැබැයි මෙයාලා නතර වෙලා තියෙන්නේ පාළු ගෙයක් ලග.එතනම ළග තවත් පාළු ගෙයක් තිබිලා තියෙනවා. ඒ ගෙදර නම් කවුරුවත් යන්නෙ නැති, අතහැරලා දාපු පාළු ගෙයක්ලු.

ගුප්ත පෙනුමක් තිබුන මේ ගේ ගැන කොල්ලො ටික පොඩ්ඩක් විපරම් කරන කොට, එතනින් ගිය ගමේ මනුස්සයෙක් කිව්වලු “ඔය තියෙන පාළු ගෙදරට යන්න හිතන්නවත් එපා. මීට කාලෙකට කලින් ඔය ගෙදරදි තරුණ ගැහැණු ළමයෙක් දූශණය කරලා මරලා. ඒ ළමයා එල්ලලා මරලා තියෙන්නේ. දැන් කවුරුවත් ඔය ගෙදරට නොයන නිසා තමයි ඔය ගේ දොර ජනේල වහලා තියෙන්නේ“

හැබැයි ඔය කියන පාළු ගෙදර දොර ජනේල වහලා තිබුනට සමහර ජනේල එහෙම කැඩිලා ගිහින් තිබිලා තියෙන්නේ. මේ වෙන කොට කට්ටිය නියම ගානට පදම් වෙලා. සමහරුන්ට හොදටම වෙරි. ඉතින් ඔහොම වෙරි වැඩි වෙච්ච එකෙක් පණ්ඩිත කතා කිය කිය ඔය කියපු පාළු ගේ පැත්තට ගිහින්. කෙලින් යන්න බැරි තරමට වෙරි වෙච්ච මෙයා වැනි වැනී ඒ පාළු ගේ ළගටම ගිහින්. ගිහින් කැඩුණ ජනේලයක් ලගට ගිහින් මුත්‍රා කරන්න ගත්තලු. අනිත් කොල්ලො ටික මූ දිහාට ඇගිලි දික් කරගෙන හයියෙන් හූ කියනවලු. එකෙක් කුපාඩි කමට මූ මුත්‍රා කරන විදිය ෆොටෝ එකක් අරගෙන.

කොහොම හරි මේ කට්ටිය මෙතනින් පිටත්වෙන්න වෑන් එකට නැග්ගලු. වෑන් එකට නැගලා පිටත් වෙලා ටික වේලාවකින් අර මුත්‍රා කරන්න ගිය කොල්ලා හොදටම වෙව්ලන්න ගත්තලු.වෙව්ලලා උණ ගත්තලු. උණ අඩුවෙන පාටක් නොතිබුන නිසා යාළුවො ටික මෙයාව රෝහලකට එක්කගෙන ගියාලු.කොයි තරම් ප්‍රතිකාර කලත් බේරගන්න බැරි වෙලා. උණ හැදිලා හිටපු මේ කොල්ලා දවස් තුනකට පස්සේ මැරුණලු.

මළ ගෙදර මරණ පෝස්ටරේට ඒ කොල්ලගේ පින්තූරයක් ඕන නිසා ට්‍රිප් එකේ ගහපු ෆොටෝ ටික බලලා. ෆොටෝ බලපු කට්ටිය තිගැස්සිලා තියෙන්නේ එතනදි.

ඒ කොල්ලා අර කියපු පාළු ගෙදර ජනේලය ළග මුත්‍රා කරන ෆොටෝ එකේ තියෙනවලු, කාගෙදෝ අතකින් ඒ කොල්ලගේ බෙල්ල මිරිකනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment