Oba Wenuwenma Thama Song Lyrics - ඔබ වෙනුවෙන්ම තමා ගීතයේ පද පෙළ

Oba Wenuwenma Thama Song Lyrics - ඔබ වෙනුවෙන්ම තමා ගීතයේ පද පෙළ
Song Title : Oba Wenuwenma Thama (ඔබ වෙනුවෙන්ම තමා)
ගායනය : උදය ශ්‍රී වික්‍රමසිංහ
පද රචනය : නන්දන වික්‍රමගේ
සංගීතය : උදය ශ්‍රී වික්‍රමසිංහ


මුවරැදි හසරැල්ල පානා..
පායන සඳ ම සේ දිලෙනා..
දෑසක මා සෙව්ව සේමා..
පිවිතුරු ආදරේ ගලනා...

මගෙ හිත ලඟ දවසක නතර වෙලා..
බලනවනම් මුළු හිත පීරා..ඔබ,
නොහිතු තරම් සෙනෙහස පුරවා..
දකිනා හිත ඔබ වෙනුවෙන්ම තමා..

මෙ සීත රෑ යාමේ තුරුලේ හොවා..
උණුහුමක සුව දෙන්න උන්නේ බලා
නිදි නේන තුන් යාමේ හිත කිතිකවා
සුරලියක සේ ඉන්න මට ලංවෙලා...

මගෙ හිත ලඟ දවසක නතර වෙලා..
බලනවනම් මුළු හිත පීරා..ඔබ,
නොහිතු තරම් සෙනෙහස පුරවා..
දකිනා හිත ඔබ වෙනුවෙන්ම තමා..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment