Nuba Eda Nam Sada Wage Song Lyrics - නුඹ එදා නම් සඳ වගේ ගීතයේ පද පෙළ

Nuba Eda Nam Sada Wage Song Lyrics - නුඹ එදා නම් සඳ වගේ ගීතයේ පද පෙළ
Song Title : Nuba Eda Nam Sada Wage (නුඹ එදා නම් සඳ වගේ)
Artists : Iresha Aththanayaka
Lyrics : D. Sumith Thabrew
Music : Dammika Edussooriya
Vedio Edditing : D. Sumith Thabrew


නුඹ එදා නම් සඳ වගේ
ඔය රුවට මා රැවටුනේ
ආදරෙන් මැවූ සිහින දැන් දුර වැඩියි
මට මාව නැති කළේ නුඹගේ ප්‍රේමයයි.....// 

නුඹට නොපෙනෙන දුරින් සිටියද මා ඉතින් ලං‍ වෙලා
දැක ගනිමි සිහිනයෙන් නුඹ සැබෑවට දුර නිසා
මගෙ හිතටත් හොරා නුඹ මගේ ලෝකය වෙලා
ඇත්තමයි මම සිතින් බොහෝ දුරකට ගියා 

නුඹට පෙම් කල මගේ සෙනෙහස තවම නෑ හිමිවෙලා
සුසුම් දවමින් මගේ දෙනෙතින් කඳුළු කැටි ගිලිහුණා
හිත මවනා සිහින දැන් මගෙන් දුරකට ගියා 
සත්තමයි සොයමි මා නුඹේ ප්‍රේමය සදා 

නුඹ එදා නම් සඳ වගේ
ඔය රුවට මා රැවටුනේ
ආදරෙන් මැවූ සිහින දැන් දුර වැඩියි
මට මාව නැති කළේ නුඹගේ ප්‍රේමයයි.....//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment