Me Tharam Adare Song Lyrics - මේ තරම් ආදරේ ගීතයේ පද පෙළ

Me Tharam Adare Song Lyrics - මේ තරම් ආදරේ ගීතයේ පද පෙළ
Song Title : Me Tharam Adare (මේ තරම් ආදරේ)
Artists : Prabath Rathnayaka 
Lyrics : D. Sumith Thabrew
Music : Dammika Edussooriya
Video Edditing : Malitha Vilochana

මේ තරම් ආදරේ හිත අස්සේ හංගලා 
රැක ගත්තේ නුඹටමයි මගේ ජීවිතේ පුරා 
රෑ අහසේ සඳවතියයි නුඹ මා හදේ දිලෙනා 
ආදරෙයි පණ වගේ හුස්ම තියෙනා තුරා
මා පතන්නේ නුඹෙ සතුටයි මා මුළු දිවිය පුරා
සතපන්නම් සෙනෙහසින් නුඹ පපු තුරුලේ හොවා.....// 

හුස්ම තරම් ලංවෙලා ආදරේ කල මා 
අවිහිංසක සිනාව ඔබගේ පතනෙමි හැම භවයේ මා
මගෙන් මිදිලා ඔයා ඈත දුර යන්න නම් එපා
නොසිඳෙන සෙනෙහසකින් නුඹ මා සසරේ බැඳුනා
මා පතන්නේ නුඹෙ සතුටයි මා මුළු දිවිය පුරා
සතපන්නම් සෙනෙහසින් නුඹ පපු තුරුලේ හොවා.....// 

ආදරේ පිරුණු ඔය සුසුමන් මට නේදෝ
ජීවිතේ දකින සොඳුරු මා සිහිනය නුඹ නේදෝ
හදවත සිටී මග බලා නුඹ එනතුරා ආදරෙන්
සුවහස් පැතුමන් නුඹ වෙනුවෙන් හදෙහී සඟවා
මා පතන්නේ නුඹෙ සතුටයි මා මුළු දිවිය පුරා
සතපන්නම් සෙනෙහසින් නුඹ පපු තුරුලේ හොවා.....// 

මේ තරම් ආදරේ හිත අස්සේ හංගලා 
රැක ගත්තේ නුඹටමයි මගේ ජීවිතේ පුරා 
රෑ අහසේ සඳවතියයි නුඹ මා හදේ දිලෙනා 
ආදරෙයි පණ වගේ හුස්ම තියෙනා තුරා
මා පතන්නේ නුඹෙ සතුටයි මා මුළු දිවිය පුරා
සතපන්නම් සෙනෙහසින් නුඹ පපු තුරුලේ හොවා.....//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment