ඓශ්චර්යා රායිගේ අම්මා බ්‍රින්ද්‍රා රායි හදන ඓශ්චර්යා කැමතිම කුකුළු මස් කරිය (Kukul Mas Kariya Hadamu)

ඓශ්චර්යා රායිගේ අම්මා බ්‍රින්ද්‍රා රායි හදන ඓශ්චර්යා කැමතිම කුකුළු මස් කරිය (Kukul Mas Kariya Hadamu)

✅ අවශ්‍ය ද්‍රවය :

  • කුකුළු මස් කිලෝ 1
  • කොත්තමල්ලි ඇට තේ හැදී 1
  • තල ඇට තේ හැදී  1/2
  • සුදුරු තේ හැදී 1/4
  • ගම්මිරිස් ඇට 5
  • උළුහාල් තේ හැදී 1/2
  • සුදුළුනු බික් 2
  • ගාගත් පොල් ගෙඩි 1/2
  • සිහින්ව ලියාගත් ලොකු ළුණු ගෙඩි 2
  • වියලි මිරිස් කරල් 2
  • කහ තේ හැදී 1
  • ගිතෙල් තේ හැදී 2
  • ගෙඩියක පොල් කිරි
  • කුඩාවට කපා ගත් තක්කාලි ගෙඩි 1/2
  • කරපිංචා ස්වල්පයක්
  • පොල්තෙල් තේ හැදී 1
  • ලුණු අවශ්‍ය පමණට

✅ සාදන ක්‍රමය :

  1. පළමුව මසාලා පව්ඩර් එක සාදා ගත යුතුයි.
  2. හොදින් වියලා ගත් කොත්තමල්ලි ඇට,තල ඇට,සුදුරු,ගම්මිරිස්, වියලි මිරිස් කරල්,උළුහාල් කබලේ බැද හොදින් කුඩු වන තුරු බ්ලෙන්ඩරයේ අඹරා ගන්න.
  3. දැන් මෙම මිශ්‍රණය පසෙකින් තබා භාජනයක් ගෙන ලිප තබා තෙල් ස්වල්පයක් රත් වීමට තබන්න.
  4. තෙල් ටික රත් වෙන විට සකසා ගත් මසාලා මිශ්‍රණය එයට දමා විනාඩි 4ක් 5ක් පමණ බැද ගන්න.
  5. පසුව එම මිශ්‍රණය වෙනත් භාජනයකට දමා පසෙකින් තබා එම ලිප තැබු භාජනයම ගෙන එයට ගිතෙල්,ළුණු,තක්කාලි දමා විනාඩි 3ක් කලවම් කරන්න.
  6. දැන් එයටම ගාගත් පොල්,කහ කුඩු,කරපිංචා එක්කර තවත් විනාඩි 5ක් පමණ හැදිගාන්න.
  7. දැන් ලිප නිවා මිශ්‍රණය නිවෙන්නට පසෙකින් තබන්න.
  8. පෙර සකසා ගත් මසාලා මිශ්‍රනය සමග දැන් සකසා ගත් මිශ්‍රනයත් බ්ලෙන්ඩරයට දමා හොදින් අඹරා ගන්න.
  9. එම මිශ්‍රණය ඔබට පේස්ට් එකක් ආකාරයට සැකසී ඇති අයුරු දකින්නට පුළුවන්.එම මිශ්‍රනයත් පසෙකින් තබා දැන් වෙනත් භාජනයක ගන්න.
  10. භාජනයක් ගෙන ලිප තබා තෙල් රත් වන විට එයට ළුණු සහ තක්කාලි එක්කර රන්වන් වනතුරු බැද ගන්න.
  11. දැන් එයට කුකුළු මස් කැබලි එක්කර ගන්න.
  12. ලිපේ ගින්දර අඩුකර භාජනය පියනකින් වසා විනාඩි 10ක් පමණ  තබා එක්වරක් හොදින් හැදී ගා මිශ්‍ර කරගන්න.
  13. දැන් එම කුකුළු මස් මිශ්‍රණයට පෙර සකසා ගත් මසාලා මිශ්‍රණය සමග කරපිංචා සහ රස අනුව ලුණු එක් කර නැවතත් හොදින් හැදී ගා මිශ්‍ර කර ගන්න.
  14. නැවතත් පියන වසා මද ගින්දරේ විනාඩි 10ක් පමණ පිස ගන්න.
  15. විනාඩි 10 ගත වූ පසු එය වතුර කෝප්ප හතරක් එක් කර ගින්දර වැඩි කර විනාඩි දෙකක් පමණ පිසගන්න.
  16. පසුව ගින්දර අඩු කර පියන වසා කුකුළු මස් හොදින් පිසෙන තුරු පිසගන්න.
  17. දැන් ලිප නිවා කුකුළු මස් කරිය උණු උණුවෙම තියෙද්දී පොල්කිරි එකතු කර හොදින් මිශ්‍ර කර ගන්න.
දැන් අහාරයට ගන්න පුළුවන්...

ජනයුගය පුවත්පත රහ අතිරේකය

ඓශ්චර්යා රායිගේ අම්මා බ්‍රින්ද්‍රා රායි හදන ඓශ්චර්යා කැමතිම කුකුළු මස් කරිය (Kukul Mas Kariya Hadamu)
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment