Kavi Seepada Song Lyrics - කවි සීපද ගීතයේ පද පෙළ

Kavi Seepada Song Lyrics - කවි සීපද ගීතයේ පද පෙළ
Song Title : Kavi Seepada (කවි සීපද)
ගායනය :චන්දන ලියනාරච්චි
සංගීතය : ජයසිරි අමරසේකර
ගී පද : චන්න ජයනාත්


කවි සීපද ඇහෙන ඈත
කුරහන් මල් පිපෙන රෑට
සරා සඳ ‍පෙමාතුර ගී ගයාවි
වළා පෙළ අඳුර ලඟ ඉකි බිදිවි
මල් පිපුණට පාට පාට අසරණ වූ මගේ දෑස
නිදි යහනට මල් සුවඳක් නොවේවි
හිතේ දුකට නෙතු කඳුලැල් සැලේවි

පහන් සිළෙන් නොදුටුව රුව
පැළ දොර ළඟ සිරියාවට //
හිරු කුමරුට අතවනන්න හදනවා
එපා නගෝ තරහ වෙන්න හිතෙනවා

අද රෑ වස්දඬු රාවය
කියයි හිතේ ඇති ආලය //
තරු මල් සිපගෙන එන පෙම් සිහිනයේ
නැළවීයන් සංකා හැර ප්‍රේමියේ

කවි සීපද ඇහෙන ඈත
කුරහන් මල් පිපෙන රෑට
සරා සඳ ‍පෙමාතුර ගී ගයාවි
වළා පෙළ අඳුර ලඟ ඉකි බිදිවි
මල් පිපුණට පාට පාට අසරණ වූ මගේ දෑස
නිදි යහනට මල් සුවඳක් නොවේවි
හිතේ දුකට නෙතු කඳුලැල් සැලේවි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment