Gayana Gayum Natana Natum Song Lyrics - ගයන ගැයුම් නටන නැටුම් ගීතයේ පද පෙළ

Gayana Gayum Natana Natum Song Lyrics - ගයන ගැයුම් නටන නැටුම් ගීතයේ පද පෙළ
Song Title : Gayana Gayum Natana Natum (ගයන ගැයුම් නටන නැටුම්)
ගායනය : නෙවිල් ප්‍රනාන්දු, ලොස් කැබලෙරොස්
සංගීතය : ඩබ්.ඩී. අමරදේව
ගී පද : මහගම සේකර
ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 'දෙලොවක් අතර' චිත්‍රපටියෙන්


ගයන ගැයුම් නටන නැටුම්
ඉවත හෙලයි සෝක සුසුම් //

නිදන ලොවෙන් දවස උදාවී
සිහින මැදින් සතුට සිනාවේ
නුරා දෙතොල් උරා එයින්
සුරා බඳුන් පුරා ගෙනේ

ගයන ගැයුම් නටන නැටුම්
ඉවත හෙලයි සෝක සුසුම්

හිරු ඇහැරී බලන වෙලාවේ
සිහින මැදින් සතුට නිමාවේ
හෙට උදයේ හිරු එලියේ
සිහින ලොවේ සැපත නිවේ

ගයන ගැයුම් නටන නැටුම්
ඉවත හෙලයි සෝක සුසුම් //

මන්ද රැඳෙනු තවත්
මෙන්න උදය ඇවිත්
නින්ද නොලබන අන්ධ අඳුරින්
ඇන්දු විදුලිය මෙන්

ගයන ගැයුම් නටන නැටුම්
ඉවත හෙලයි සෝක සුසුම් ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment