Gaw Ganan Song Lyrics - ගව් ගණන් ගීතයේ පද පෙළ

Gaw Ganan Song Lyrics - ගව් ගණන් ගීතයේ පද පෙළ
Song Title : Gaw Ganan (ගව් ගණන්)
Music : Kujana Vishwajith, Thish Dissanayake & Asadithaya
Lyrics : Anjali Korala
Vocals : Hiruwa (Hirusha Tennakon)
Melody : Kujana, Thish, Hiruwa & Asadithaya
Mixed & Mastered : Asadithaya


ගව් ගණන්, ගෙවා ආ
කතර ඉම, ලංවෙලා..
විඩාපත්, මගේ සිත
ඔබේ ලග, නැවතිලා..
ලයේ සිරවූ සිතුම් පොදිබැද
වෙර දරා.. වෙර දරා..
කදුලු බිදුවක් වෙලා නෙත්කොන
හිරවෙලා..

ප්‍රේමයට අත්පොතක්
කතර තෙමු වැසි පොදක්
අතු අරා නැගී ආ
නුඹ මහා නුග රුකක්
බදා මහා සෙනෙහසින්
හොවා ලය මත සෙමින්
සිත නිවා උනුහුමින්
මා බලා ආදරෙන්..

ගව් ගණන්, ගෙවා ආ
කතර ඉම, ලංවෙලා..
විඩාපත්, මගේ සිත
ඔබේ ලග, නැවතිලා..

නැවතුන තැනින් ඇරඹුම

සිතට දැනුන ඒ සිනහව
කටකාර කතාව
ඔබ ලග හැමදම දැවටි දැවටි මම
නැවතුනත් හිත හැමතැන
සින්නක්කර ලිව්වෙ මගෙ හැම හැමදෙම
දුවන සිත නැවතුනු තැන මාලිගාව
හැදුවෙමු අපෙ ලොව නව පාට පාට
අඩියෙන් අඩියට පඩියෙන් පඩියට
තනිවෙමු තැනු මන්දාකිනියක

දිගු ඇගිලි තුඩු මතින්
මුදු ලෙසින් අල්ලමින්
ඇස වැටුනු කියඹුවක්
සීරුවෙන් පිසලමින්
නෙතු යුගම දෙස බලා
ඇසිපියක් නොම සලා
හදේ රැදි සියක් දේ
සීරුවට ගලපලා…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment