Dasa Nilupul Thema Song Lyrics - දෑස නිළුපුල් තෙමා ගීතයේ පද පෙළ

Dasa Nilupul Thema Song Lyrics - දෑස නිළුපුල් තෙමා ගීතයේ පද පෙළ
Song Title : Dasa Nilupul Thema (දෑස නිළුපුල් තෙමා)
පද රචනය: පියනන්ද විජේසුන්දර
සංගීතය: ගුණදාස කපුගේ
ගායනය: ගුණදාස කපුගේ


දෑස නිළුපුල් තෙමා
කඳුළු මුතුවැල් සලා
දෙතොල සුසුමින් පුරා
හඬනු මල් මාලියේ //

නිහඬ හදවත් පොතේ ලියැවුනූ
සොඳුරු ගී වැල් නැතේ මා තැනූ
ඔබේ කඳුලැලි මා සිතේ
නිබඳ පදවැල් ඇඳේ

දෑස නිළුපුල් තෙමා
කඳුළු මුතුවැල් සලා
දෙතොල සුසුමින් පුරා
හඬනු මල් මාලියේ //

පබළු මිණිමුතු නැතේ මා සතූ
කඳුළු මුතු ඇට ඔබේ මා පැතූ
තුසර පිණි ලෙස මල් මතේ
කඳුළු කොපුලේ රැඳේ

දෑස නිළුපුල් තෙමා
කඳුළු මුතුවැල් සලා
දෙතොල සුසුමින් පුරා
හඬනු මල් මාලියේ //


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment