Bindu Bindu Ran Song Lyrics - බිංදු බිංදු රන් ගීතයේ පද පෙළ

Bindu Bindu Ran Song Lyrics - බිංදු බිංදු රන් ගීතයේ පද පෙළ
Song Title : Bindu Bindu Ran (බිංදු බිංදු රන්)
ගායනය : ඩබ්ලිව් ඩී අමරදේව
සංගීතය : ඩබ්ලිව් ඩී අමරදේව
පද රචනය : මඩවල එස්. රත්නායක


බිංදු බිංදු රන් ගෝමර මාලා
බන්දා ගෙල වට ඔමරි ලතාවට
කන්දෙන් පාවී...// ලංදට බසිනා
රන්වන් රන්වන් මගෙ රන් කිකිළි
රන් වන් රන් වන් රන් කිකිළි...//

හුරු නැති මලක ගොස් උගුලක වැටෙනු එපා
කළුවර ගලද්දී තනි මග ඇදෙනු එපා
සිරිකත මැවූ සිරි දෙනයන මකනු එපා
පිරිවර සොයා මා තනිකර යන්න එපා.....

කුණ්ඩ සමන් පෙති සුවඳ හළාලා
රන් හිරුරැස් කෙදි දෙරණ සිඹින විට
මන්දැයි තවමත්..// ලංදට නාවේ
රන්වන් රන්වන් මගෙ රන් කිකිළි
රන් වන් රන් වන් රන් කිකිළි...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment