Badun Piri Ithirena Mee Song Lyrics - බඳුන් පිරී ඉතිරෙන මී ගීතයේ පද පෙළ

Badun Piri Ithirena Mee Song Lyrics - බඳුන් පිරී ඉතිරෙන මී ගීතයේ පද පෙළ
Song Title : Badun Piri Ithirena Mee (බඳුන් පිරී ඉතිරෙන මී)
ගායනය : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සමග නිරෝෂා විරාජිනී
පද රචනය : බී.ටී. මෙන්ඩිස්
තනුව : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව


බඳුන් පිරී ඉතිරෙන මී
ලඳුන ළවන් පුරා
නැගෙන ගීතේ ‍රැඟුම කෙරේ
අවර බිඟුන් නුරා

සැන්දෑ වලා පෙළින් මිදී
පහන් සිලේ ‍රැඳී

පාන මියුරු ලීලා

පාන මියුරු ලීලා
මැවේ ‍රැඟුම් අපේ

ගීත නළු කලා පෙරපර යා නොදී බැඳී //
සිතුම් පැතුම් මැදුම් මඟෙහී
‍රැඳී රසින් වැඩී

නෑර සිතු නොලා තම සතු ආර සුරකිමී //
දිගන්තයන් සෙයින් වෙන්වී සදා පෙමින් රැඳී

බඳුන් පිරී ඉතිරෙන මී
ලඳුන ළවන් පුරා
නැගෙන ගීතේ ‍රැඟුම කෙරේ
අවර බිඟුන් නුරා

"රන්සළු" සිනමා සිත්තමට මුල් ගීය ගැයුවේ නෙවිල් ප්‍රනාන්දු විසිනි.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment