Amathala Aye Amathala Song Lyrics - අමතලා ආයේ අමතලා ගීතයේ පද පෙළ

Amathala Aye Amathala Song Lyrics - අමතලා ආයේ අමතලා ගීතයේ පද පෙළ
Song Title : Amathala Aye Amathala (අමතලා ආයේ අමතලා)
ගායනය : උදය ශ්‍රී වික්‍රමසිංහ
පද රචනය : කුෂාන් මනේද්‍ර
සංගීතය : උදය ශ්‍රී වික්‍රමසිංහ


ඇයි මේ ආයේ අමතලා..
දෙන්නේ හේතු කාරණා..
ජීවිතේ මාගේ අවුලුවා..
කෙලෙසදෝ ඉන්නෙ හිනැහිලා..

ඇයි මා තනිකලේ...නැතිවදෝ ළය උණුවුනේ..
අමතලා - ආයේ අමතලා..පාරනා වේදනා..

අමතක කරගන්නට බෑ මතකය
අපමණ වෙර දැරුවා..
ඒ හැම මොහොතෙම ඇසිපිය සැලුවම
යලි ඔබ සිහිවෙනවා..

වෙන් වූ දින එසේ..
තිබුනේ නෑ රැය මගේ..
අමතලා - ආයේ අමතලා..
පාරනා වේදනා..

මැලවුනු හිතලඟ හදවත රිද්මේ
තවදුරටත් තිබුණා..
සෙනෙහස ගැඹුරේ ඔබ නැති පතුලේ
අඳුරට හුරු වූවා..

පෙරදිනේ හුරු ලෙසේ..
ආවේ ඇයි සවනට මගේ..
අමතලා - ආයේ අමතලා..
පාරනා වේදනා..

ඇයි මේ ආයේ අමතලා..
දෙන්නේ හේතු කාරණා..
ජීවිතේ මාගේ අවුලුවා..
කෙලෙසදෝ ඉන්නෙ හිනැහිලා..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment