Thanikama Song Lyrics - තනිකම ගීතයේ පද පෙළ

Thanikama Song Lyrics - තනිකම ගීතයේ පද පෙළ
Song Title : Thanikama (තනිකම)
Lyrics : Viraj Karunananda


මේ වෙසෙඟත්
මයියංන සෑ වඳින්න
සොර බොර වැවේ
සුදු මහනෙල් මල් නෙලන්ට
මං විතරයි……………

හැමදාමත්
මුරුංගා ගස් ගිනි තියන්ට

පනින අව්ව
අද විතරක් කාස්ඨකයි…………
අළුත හදපු වැව ගොඩ වී
පතූල පෙනෙයි

හුන්නස්ගිරි
දහ අට වංගූවෙන් බැහලා
දුවිලි හොස හොස ගාගෙන
එක පිම්මට බදුළු දුවන
බස් එක දිහා බලන්නටත්
එපා හිතෙයි

මේ අවුරුද්දත් ඇවිදින්
මයෙ තනිකම බලන් නැතූව
මෙහෙම ගියොත්
අනේ න‍ගේ
මගේ පපුව පරඬල් වී
ගිනි ඇවිලෙයි...............

ජුකී මහන කොළොම්පුරේ
තරුව වගේ
නුඔ දිලිහෙනවා වෙන්නැති
මේ වෙසගෙත්
මයියංගන සෑ වඳින්ට
මං විතරයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment