Seetha Sulagak Ahase Song Lyrics - සීත සුළඟක් අහසේ ගීතයේ පද පෙළ

Seetha Sulagak Ahase Song Lyrics - සීත සුළඟක් අහසේ ගීතයේ පද පෙළ
Song Title : Seetha Sulagak Ahase (සීත සුළඟක් අහසේ)
Singing : සුපර් ගෝල්ඩන් චයිම්ස් Clarance Wijewardana (ක්ලැරන්ස් විජේවර්ධන මහත්මා)
පද : ක්ලැරන්ස් විජේවර්ධන මහත්මා
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන මහත්මා


සීත සුළඟක් අහසේ
වලාකුළක් තෙරපනවා
නීල ගුවනක් දුක සේ (ආ...
අඳුරින් බරවෙනවා -ආ ආ ආ.....) ....//

වැසි වැටිලා පොළව තෙමීලා
කෙත් වතු හරහා බසී ගලාලා
වැසි වැටිලා වැව් අමුණු පිරීලා
ගංගා උතුරා දෙගොඩ තලාලා

සීත සුළඟක් අහසේ
වලාකුළක් තෙරපනවා
නීල ගුවනක් දුක සේ (ආ...
අඳුරින් බරවෙනවා -ආ ආ ආ.....)

වැසි වැටිලා කෙත් වතු සරුවේවා
අටු කොටු පිරිලා සෙත ගෙනදේවා
වැසි වැටිලා පොළව තෙමීලා
යස ඉසුරින් මගෙ රට සරුවේවා

සීත සුළඟක් අහසේ
වලාකුළක් තෙරපනවා
නීල ගුවනක් දුක සේ (ආ...
අඳුරින් බරවෙනවා -ආ ආ ආ.....)
අඳුරින් බරවෙනවා -ආ ආ ආ.....)
ආ ආ ආ.....
ආ ආ ආ.....

1973 දී නිකුත්වූ The Super Golden Chimes at Kataragama තැටියට ඇතුළත් වූ ගීයකි.(EP Sooriya / CHB 032)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment