අවසන් සෙල්ලිපිය සහිත - සැලව රජමහා විහාරය ☸️🙏😇 (Salawa Raja Maha Viharaya)

අවසන් සෙල්ලිපිය සහිත - සැලව රජමහා විහාරය ☸️🙏😇 (Salawa Raja Maha Viharaya) - Your Choice Way
අද අපි කතා කරන්නේ වැඩි අවධානයක් ලක් නොවුන අපේ රටේ වටිනා උරුමයක් ගැන ඒ නමින් සැලව රජමහා විහාරයයි..

සියවස් ගණනාවක් තිස්සේ බැබළුණු අරණායක සැලව රජ මහා විහාරස්ථානය මෑතක සිට දැඩි පරිහානියකට පත්ව අභාවයට යමින් පවතිනවා... 

මෙහි ඉතිහාසය හෙළිදරව් කරන ප්‍රධාන සාධකය ලෙන් විහාර බිත්තියට සවි වන සේ කොටා ඇති පර්වත ලිපියයි. 

එය ශ්‍රී ලංකා රාජාවලියේ අවසාන සෙල්ලිපිය සේ සැලකෙනවා... 

පේළි 9කින් යුත් එය 17 වැනි සියවසේ සිංහල භාෂාවෙන් රචිතයි..

මෙය දිගින් අඩි 10 අඟල් 2ක්, පළලින් අඩි 4 අඟල් 2ක්ද වෙනවා..

එයට අනුව මෙය කරවා ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයෙහි ඒ රජුට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ රාජගුරු අනුනායක මොරතොට ධම්මකන්ධ හිමියන් විසිනි බව සැල වෙනවා..

ඒ ශ්‍රී වික්‍රම රාජසිංහ රාජ සමයේ දී..

බු.ව. 1779 (ක්‍රි.ව.1779) දී ආරම්භ කළ විහාර කර්මාන්තය නිමකර ඇත්තේ  බු.ව. 2349 (ක්‍රි.ව.1806) දී බව සෙල්ලිපියේ සඳහන් වෙනවා..

මේ සඳහා ධනය 8102ක් වැය වූ බවද සදහන් වෙනවා..

විහාරය ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට ඔප්පු කළ පසු ඔහු විහාරයේ පැවැත්ම උදෙසා ගම්බිම් පූජා කරලත් තියෙනවා...

කඳු බෑවුමේ ඇති පර්වතයේ තනා ඇති ලෙන් විහාර සංකීර්ණය කටාරම් කෙටූ ලෙන් තුනකින් සමන්විතයි.. 

හරිම අපූරු පරිසරයක තමා පිහිටලා තියෙන්නේ...

විහාර මන්දිරය තුළ දකුණු පසින් අඩි 8ක් උසැති වේදිකාවක් මත පිහිටුවා ඇති සැතපෙන බුදු පිළිමය දිගින් අඩි 20ක්...

මහනුවර යුගයට සුවිශේෂි සිතුවමින් මේ විහාරයේ දක්නට ලැබෙනවා... හැබැයි නිසි සංරක්ෂණයක් නම් වෙලා නෑ..

මෙම ලෙන් විහාරය හමුවන්නේ මාවනැල්ල සිට අරණායක පසුකර කිලෝමීටර 2ක් ගමන් කොට මහ ඔය හරහා පාළම පසුකොට තවත් කිලෝමීටර 2ක් ගමන්කොට රහල දෙසට පිහිටි මාර්ගයේ ගමන් කිරීමෙන්...

මෙවැනී උරුමයන් රැකගැනීම අප සැමගේ වගකීමක්...

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏
අවසන් සෙල්ලිපිය සහිත - සැලව රජමහා විහාරය ☸️🙏😇 (Salawa Raja Maha Viharaya) - Your Choice Way

අවසන් සෙල්ලිපිය සහිත - සැලව රජමහා විහාරය ☸️🙏😇 (Salawa Raja Maha Viharaya) - Your Choice Way

අවසන් සෙල්ලිපිය සහිත - සැලව රජමහා විහාරය ☸️🙏😇 (Salawa Raja Maha Viharaya) - Your Choice Way

අවසන් සෙල්ලිපිය සහිත - සැලව රජමහා විහාරය ☸️🙏😇 (Salawa Raja Maha Viharaya) - Your Choice Way

අවසන් සෙල්ලිපිය සහිත - සැලව රජමහා විහාරය ☸️🙏😇 (Salawa Raja Maha Viharaya) - Your Choice Way

අවසන් සෙල්ලිපිය සහිත - සැලව රජමහා විහාරය ☸️🙏😇 (Salawa Raja Maha Viharaya) - Your Choice Way

අවසන් සෙල්ලිපිය සහිත - සැලව රජමහා විහාරය ☸️🙏😇 (Salawa Raja Maha Viharaya) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...

0 comments:

Post a Comment