Manaloli Manamaliye Song Lyrics - මනලෝලී මනමාලියේ ගීතයේ පද පෙළ

Manaloli Manamaliye Song Lyrics - මනලෝලී මනමාලියේ ගීතයේ පද පෙළ
Song Title : Manaloli Manamaliye(මනලෝලී මනමාලියේ)
ගායනය : රූකාන්ත ගුණතිලක මහත්මා සහ චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය
පද රචනය : හේමසිරි හල්පිට මහත්මා
තනුව හා සංගීතය : රෝහණ වීරසිංහ මහත්මා


මනලෝලී මනමාලියේ
ඔය දෑසේ කැල්මන් හෙළා
මාගේ දෑතේ දැවටී ආවේ
පවසන්නදෝ ආදරේ

කවදා හෝ සංසාරයේ
එක් වීලා අතිනත් වෙලා
ආවා වාගේ ඔබ මේ ආවේ
පවසාලා ප්‍රේමාදරේ

මුව මදහාසේ
ඔබ මට පෑවේ
විහිදා පෙම් ආරාධනේ
ඉඟියෙන් වාගේ
රහසින් කීවේ
සැනසීමයි මේ ජීවිතේ

ඔබ හිනැහේවී
පුන්සඳ වාගේ
පායාලා මාගේ ලොවේ

මනලෝලී මනමාලියේ
ඔය දෑසේ කැල්මන් හෙළා

ආවා වාගේ ඔබ මේ ආවේ
පවසාලා ප්‍රේමාදරේ

ඈයිදෝ නොහෑඟේ
ලෙන්ගතු වූයේ
ඔබ මා ළංවීලා මෙසේ
ලතැවුල් ජීවේ
සංසිඳවූවේ
දෙනෙතේ දල්වාලා සෙනේ

ඔබ සුව ගේනා
සුවඳක් වාගේ
පාවේවී මාගේ ලොවේ

මනලෝලී මනමාලියේ
ඔය දෑසේ කැල්මන් හෙළා
මාගේ දෑතේ දැවටී ආවේ
පවසන්නදෝ ආදරේ

කවදා හෝ සංසාරයේ
එක් වීලා අතිනත් වෙලා
ආවා වාගේ ඔබ මේ ආවේ
පවසාලා ප්‍රේමාදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment