Eka Dawasak Mata Song Lyrics - එක දවසක් මට ගීතයේ පද පෙළ

Eka Dawasak Mata Song Lyrics - එක දවසක් මට ගීතයේ පද පෙළ
Song Title : Eka Dawasak Mata (එක දවසක් මට)
Singing : Chamara Weerasinghe (චාමර වීරසිංහ මහත්මා)


එක දවසක් මට ඉස්සර වාගේ
ඔබ ළඟ ඉන්නට ඉඩ දෙන්න
තව එක දවසක් හදවත මාගේ
සුවඳින් ඔබගේ සරසන්න... සරසන්න...
එක දවසක් මට ඉස්සර වාගේ
ඔබ ළඟ ඉන්නට ඉඩ දෙන්න

සිතුවේ හද ඔබ ගැන විතරයි
ඒ හින්දා වෙන්වන්න දුකයි
සෙනෙහස දෙන්නට ළංවී ඉන්නට
මට නම් ඉන්නේ ඔබ විතරයි
මට නම් ඉන්නේ ඔබ විතරයි

එක දවසක් මට ඉස්සර වාගේ
ඔබ ළඟ ඉන්නට ඉඩ දෙන්න

පැතුවේ හද ඔබවම විතරයි
ඒ හින්දා සමුගන්න දුකයි
නිදි නැති මුළු රෑ ඔබ ගැන සිහිවී
කඳුළැලි සැලුවේ මම දුකටයි

එක දවසක් මට ඉස්සර වාගේ
ඔබ ළඟ ඉන්නට ඉඩ දෙන්න
තව එක දවසක් හදවත මාගේ
සුවඳින් ඔබගේ සරසන්න... සරසන්න...
එක දවසක් මට ඉස්සර වාගේ
ඔබ ළඟ ඉන්නට ඉඩ දෙන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment