ටයර් වල කට්ට තියෙන්නේ ඇයි? ( ඝර්ශනයට නම් නෙවේ) (Why Do Tires Have Slips?)

ටයර් වල කට්ට තියෙන්නේ ඇයි? ( ඝර්ශනයට නම් නෙවේ) (Why Do Tires Have Slips?) - Your Choice Way
ටයර් වල කට්ට තියෙන්නේ ඇයි? එහෙම නැත්තන් සෙරෙප්පු වල කට්ට තියෙන්නේ ඇයි? කියලා ඇහුවොත් ගොඩක් දෙනෙක් කියන්නේ එකෙන් ගර්ශනය වැඩි වෙනවා කියලා. ඇත්තටම කිව්වොත් කට්ට තියෙන්න ප්‍රධාන හේතුව ඒක නෙවේ. නමුත් ඝර්ෂණය (ලිස්සන ගතිය අඩු කිරීමත්) වැඩි වීමත් සිදු වෙනවා.

කට්ට තියෙන්න ප්‍රධාන හේතුව තමා වාහනය වැසි දිනයක පාරේ යද්දී පාරත් ටයර් එකත් අතර තියන වතුර ටයර් එකේ කට්ට ඇතුලට යන්න. එහෙම උනේ නැත්තන් ටයර් එකත් පාරත් අතර තියන වතුර තට්ටුව නිසා පාරට හොඳට බදලා අල්ලන්නේ නැති නිසා වාහනේ ලිස්සලා යනවා.

ඔයාට හොඳ නිරික්ෂයක් තියනවනම් පාරේ යනකොට මේ සිදුවීම දැකලා ඇති.වාහනයක් වැහි දවසක පාරේ ගියාම වාහනේ ගියපු tyre පාර දිගට ටික වෙලාවක් යනකන් වතුර ඉවත් වෙලා තියනවා.එහෙම වෙන්නේ වතුර රෝදෙන් දෙපසට හා අනිත් ටික කට්ට ඇතුලට යන නිසා.

තවත් හොඳට බැලුවොත් හයියෙන් යන වාහනයකින් රෝද වලින් වතුර spray කරනවා වගේ වෙනවත් දැකලා ඇති. එහෙම වෙන්නේ රෝදේ හයියෙන් කැරකෙද්දි කට්ට ඇතුලේ තියන වතුර එලියට විසි වෙන නිසා.

Formula One රේස් දුවන car වල රෝද වල කට්ට නෑ. (කට්ට තියන ඒවත් තියනවා) මොකද ඒවා වැස්සේ දුවන්නේ නැති නිසා ඒවාට කට්ට උවමනා නෑ.
ටයර් වල කට්ට තියෙන්නේ ඇයි? ( ඝර්ශනයට නම් නෙවේ) (Why Do Tires Have Slips?)
ටයර් එක මාරු කරන්න ඕනේ කාලේ
ටයර් වල කට්ට තියෙන්නේ ඇයි? ( ඝර්ශනයට නම් නෙවේ) (Why Do Tires Have Slips?)
ටයර් එකේ එක තැනක රූපේ තියනවා වගේ පොඩි ත්‍රිකෝන ලකුණක් තියනවා.ඒකට කෙලින් කට්ට තියන කොටසේ එක තැනක පොඩි ගැට්ටක් තියනවා.ටයර් එක ඒ ගැට්ට මට්ටම (ත්‍රිකෝන ලකුණ එහෙම නෙවේ)ගෙවුනම tyre එක අනිවාර්යෙන් මාරු කරන්න. නැත්තන් ඒකෙ කට්ට වතුර රන්න මදි වෙනවා. එතකොට ලිස්සලා අනතුරු වෙන බව අමුතුවෙන් දැන් කියන්න ඕනේ නෑ නේ.

බැකෝ වල ටයර්
ටයර් වල කට්ට තියෙන්නේ ඇයි? ( ඝර්ශනයට නම් නෙවේ) (Why Do Tires Have Slips?)
බැකෝ හා ට්‍රැක්ටර් වල ලොකු කට්ට තියෙන්න හේතුවක් තියනවා. ඒවා පස් ගොඩවල් වල යද්දී ටිකක් පස් වල යටට බහිනවනේ.එතකොට ඒ ඇතිවෙන ටයර් පාරවල් මේවට යන්න උපකාරයක්‌ වෙනවා 
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...

0 comments:

Post a Comment