ඉතිහාස කතා රැසක් සැගවුණු - ලෙනගල විහාරය ☸️🙏 (Lenagala Rajamaha Viharaya 🍃🎋🌿)

ඉතිහාස කතා රැසක් සැගවුණු - ලෙනගල විහාරය ☸️🙏 (Lenagala Rajamaha Viharaya 🍃🎋🌿) - Your Choice Way
අද අපි කතා කරන්න යන්නේ වළගම්බා රජ දවස දක්වා දිවෙන දැදිගම ලෙනගල රජ මහා විහාරය ගැන....

ඔයාලා දන්නවා ද කටාරම් කොටන ලද ලෙන් විහාර අතරින් විශාලතම හා සෞන්දර්යයෙන් සපිරි පින් බිමක් තමා මේ..

ස්වභාව සෞන්දර්යයේ අපූර්වත්වය රැකෙන පරිදි නිමවා ඇති මෙම විහාරයේ  බ්‍රහ්මි අක්ෂර සහිත විශාලතම සෙල් ලිපියද දැක ගන්න ලැබෙනවා...

දීර්ඝ ඉතිහාසයකට නෑකම් කියන මෙම ස්ථානය රාවණ කාලය දක්වා දිවෙන ජනප්‍රවාද පවතිනවා...

එනම් රාවණ රජ්ජුරුවෝ තමන්ගේ දඬු මොණරය නැවැත්තු ස්තානයක් කියලත් ප්‍රසිද්ධත්වයක් තියෙනවා..

එසේම මෙහි ඉතිහාසයේ සොයාගත් සාක්ෂි අනුව වලගම්බා ‍රජුට ආරක්ෂාව සපයමින් රජූ සේනාව සංවිධානය කල ඉසව්වක් ලෙසත් මෙම භූමිය වැදගත්කමක් දක්වනවා...

ඒ වගේම ලංකාවේ දෙවන උසම ගල් උලුවස්ස තියෙන්නෙත් මේ විහාරයේ තමා..

ඒ වගේම මේ විහාර භූමිය ආසන්නගේ ගල් ලෙන් 28ක් පමණ තියෙනවා...

ඒවායේ භාවනායෝගී භික්‍ෂුන් වහන්සේ වැඩ වාසය කරනවා..

ලෙනගල ඉදලා සල්ගල කන්ද දක්වා උමං මාර්ගයක් තිබූ බවත් ඒ තුළින් වළගම්බා රජු ගමන් කළ බවද ජනප්‍රවාදයේ සදහන් වෙනවා...

මේ උමගේ ඇතුල්වීමේ දොරටුව අදටද දක්නට ලැබෙනවා...

ලෙනගල විහාරය සුවිශේෂි විහාරයක් වශයෙන් සඳහන් කරන්න පුලුවන්...

මොකද ඉතිහාසය, චිත්‍ර හා මූර්ති, පිහිටීම, පරිසරය හා විහාරයකට අයත් සියලු අංග ක්‍රමවත්ව පිහිටා තිබීම හරිම අපූරු යි...

කෙසේ වුවද මෙහි ඇති පෞරාණික චිත්‍ර හා මූර්ති රැසක් විනාශ වීමේ තර්ජනයට පත්ව ඇති නිසා පුරා විද්‍යා අවධානය ඒ සඳහා යොමු විය යුතු බව අපි මතක් කරනවා...

ලෙනගල ලෙන් විහාරයට යන්නේ සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රීකකයේ වරකා පොලින් කරවනැල්ල මාර්ගයේ පැමිණ අනතුරුව ගලපිට මඩින් කොටියා කුඹුර මාර්ගයෙන් මෙම විහාරස්ථානයට යන්න පුලුවන්....

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා .ගැනීමකි...

0 comments:

Post a Comment