ෆයිස්ටා ඔම්ලට් සාදාගන්නා ආකාරය (How To Make Fiesta Omelette)

ෆයිස්ටා ඔම්ලට් සාදාගන්නා ආකාරය (How To Make Fiesta Omelette) - Your Choice Way
ඔම්ලට් හදන්න හරි ලෙසිනේ, කවුරුත් ඔම්ලට් හදන්න දන්න නිසා වෙනත් ක්‍රමයකට ඔම්ලට් එකක් හදලා බලමුද ?

✅ අවශ්‍ය ද්‍රව්‍ය:

  • බිත්තර 3
  • කුකුළු මස් (තම්බා කොටු කපාගත්) ග්‍රෑම් 50 ක්
  • සොසේජස් කරල් 2ක්
  • රට ලූනු ගෙඩි 1ක්
  • මාළුමිරිස් කරල් 1ක්
  • තක්කාලි ගෙඩි 1ක්
  • අවශ්‍ය පදමට ලුණු ගම්මිරිස්

✅ සාදා ගන්නා ආකාරය:

  1. කඩාගත් බිත්තර වලට ලුණු ගම්මිරිස් දමා හොදින් ගසාගන්න.ඉන්පසු රටලුනු , මාළුමිරිස් , තක්කාලි කොටු ආකාරයට කපා පසෙකින් තබාගන්න.
  2. එසේම කුකුළු මස් හා සොසේජස්ද කොටු කපා තබාගන්න.
  3. ඉන්පසු ඔම්ලට හදන පෑන් එකක් ගෙන ළිප තබා රත්වූ පසු තෙල් ස්වල්පයක් දමාගන්න.
  4. තෙල් රත්වූ පසු ගසාගත් බිත්තර දමා රවුම් හැඩයට පෑන් එකේ විසුරුවා හරින්න.ඉන්පසු රටලුනු, මාළුමිරිස් ,තක්කාලි , කුකුළු මස් හා සොසේජස් බිත්තරය පුරා විසිරුවා හරින්න.
  5. ඉන්පසු මඳ වේලාවක් ළිප තබා හොදින් තැම්බූ පසු ළිපෙන් ඉවත්කර අලංකාර ලෙස පිළිගන්වන්න. 
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment