Hitha Dura Handa Song Lyrics - හිත දුර හන්දා ගීතයේ පද පෙළ

Hitha Dura Handa Song Lyrics - හිත දුර හන්දා ගීතයේ පද පෙළ
Song Title : Hitha Dura Handa (හිත දුර හන්දා)
Singing : Athma Liyanage (ආත්මා ලියනගේ මහත්මා)

හිත දුර හන්දා නෙතු ලඟ හංගා
සිහින ගණින හින්දා
තනිකම හංගා ඈතක රන්දා
මතක හිත ඇහින්දා
අරුත කියන සෙනෙහේ නුඹම වේද මන්දා

ඈත අතීතෙක අමතක සෙනෙහේ 
හිතවත් කරනා
සිහින පොතේ කවි දහසක් අතරේ
නුඹමයි හදිනා
නොමැකෙන සේ හදවතේ ඉන්න නුඹ
අලුතෙන් පතනා

අහස වගේ නුඹ සිතුව අතීතේ
මතකෙට නැගෙනා
හැඩවෙන හිත ලඟ තනියට ඉන්නේ
නුඹමද කියනා
ඉස්සර දවසක තහනම් හීනේ
ආයෙත් දකිනා

සිංහලෙන් සැකසුම (Sinhala Typing) - Anjana Edirisinghe (අංජන එදිරිසිංහ සොහොයුරා)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment