Aduru Ahasa Eliya Song Lyrics - අඳුරු අහස එලිය ගීතයේ පද පෙළ

Aduru Ahasa Eliya Song Lyrics - අඳුරු අහස එලිය ගීතයේ පද පෙළ
Song Title : Aduru Ahasa Eliya (අඳුරු අහස එලිය)
Lyrics : Chanaka Prasanka (චානක ප්‍රසංක)

අඳුරු අහස එලිය කරන සොඳුරු සඳ නුඹයි
මැදුරු පවා අතහැරලා නැගුන සඳ නුඹයි
පිදුරුතලා ගලට වඩා බැදුනු පෙම උසයි
සොඳුර නුඹට පුදදෙන්නට පබළු මුතු උණයි

අඳුරමකා හිරු හිනහෙන සොදුරු වෙලාවේ
මියුරු වදන් තෙපළ තෙපළ දිරියයි දෙන්නේ
කඳුළුමකා දැමුමට ඔබ දෙවියෙකු  වැන්නේ
සොඳුර විටක මවක් ලෙසයි මටද හිතෙන්නේ

තනියමකා ලන්නට ගී පද මුමුනනවා
හැඩට හැඩේ රස කර කර කතා කියනවා
රසට රසේ දිව පිනවන කෑම උයනවා
මැණික මගේ මා එනතුරු පාර බලනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment