Aawata Na Me Aale Song Lyrics - ආවාට නෑ මේ ආලේ ගීතයේ පද පෙළ

Aawata Na Me Aale Song Lyrics - ආවාට නෑ මේ ආලේ ගීතයේ පද පෙළ
Song Title : Aawata Na Me Aale (ආවාට නෑ මේ ආලේ)
Producer - SUBEE Vocals - SUBEE Lyrics - Yashodha Adhikari


මාලතී පූදා
ඈ හදේ රන්දා ආලේ පෑවා
හීන දුටුවා මා
ඈ මගේ වීලා
ආලේ කීවා මා

ඈ කමලේ සිනා ඉඟි පෑ රටා
දුටු දා මේ සිතේ වූ මල් සැලුනා නටා
වේවී වාසනා එ සුන්දර රූ රටා
මා නොකියා කියා බැලුවේ තුටා

පායා රෑට ආ පුර පෝදා සඳේ වගේ ලප
ආවාට නෑ මේ ආලේ

පවනැල්ල වී නබෝ ගැබ පීරා
කෙහෙරැල්ල ගාව මා නැවතීලා
රොන් ගන්නෙ නෑ වගේ බිඟු සේනා
මා දන්නවා නුඹේ රඟ ලීලා

නා දල්ල ඈගේ
පෑ මන්දහාසේ
නොදැනී මගේ හැඟුම් සැලුණා
පෙම් කාරණාවේ
යමි චාරිකාවේ හීනේ මා පාවී ඈ සොයා

පායා රෑට ආ පුර පෝදා සඳේ වගේ ලප
ආවාට නෑ මේ ආලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment