Chandani Payala Song Lyrics - චාන්දනී පායලා ගීතයේ පද පෙළ

Chandani Payala Song Lyrics - චාන්දනී පායලා ගීතයේ පද පෙළ
Song Title : Chandani Payala (චාන්දනී පායලා)
Singing : Bathiya & Santhush (භාතිය සහ සන්තුෂ්)

චාන්දනී පායලා සීත සැලුවා මේ රාත්‍රියේ
ජීවිතේ අවපසයි මං තාම සිතල කරුවලේ
මේ කුළු මතින් ඇදී ඔබ එන්න මා කෙරේ
ඔබ වේද මතු දාක මා ලබන රම්බරි

චාන්දනී පායලා සීත සැලුවා මේ රාත්‍රියේ
ජිවිතේ හිස්කමින් තුන් යාමයේ සිත් පෑරුනේ
සත්තකින් ඔබය හද රැන්දු සුරගුන්
ඒ හැගුම් කොයි ලෙසින් සිත්සේ පවසම්ද සොඳුරේ

පෙම් හැගුම් මතකයේ රංචු ගැහුනා
යටි හිතේ පොපියමින් හීන මැවුනා //
සන්සුන් සුසුම්ද කැළඹී ඇයිද මොකදැයි ඇසුවා
රාගයේ චන්ද හැඟුමන් රණ්ඩු කෙරුවා
මං කෙසේ කොයි ලෙසේ මුමුනම් මේ ශෝක ගීතේ
කවුරුත් දන්නේ නෑ දැන් මේ මං ඉන්න හිරගේ

චාන්දනී පායලා සීත සැලුවා මේ රාත්‍රියේ
ජීවිතේ අවපසයි මං තාම සිතල කරුවලේ
මේ කුළු මතින් ඇදී ඔබ එන්න මා කෙරේ
ඔබ වේද මතු දාක මා ලබන රම්බරි

යන්තමින් නුවනගින් කඳුළු එබිලා
දෙකොපුලෙන් හිමි හිමින් සිත ගැලුවා //
දිවි ගිම් නිවෙන්න පැතුවේ මධුර ස්වරයෙන් ඔබගේ
ආදරය හිනයක්දෝ හැබෑ නොවෙනා
මං කෙසේ දැවී දැවී ඉන්නේ මේ වේදනාවෙන්
ඇස් අගින් ඔබ ලීයූ කවි ගී මුමුනන්න මුවගින්

ඔය මන්දහාසයෙන් සැනහෙවී ජිවිතේ
සෝතාප සඟවන්න ඔබ එන්න ආදරෙන්
චාන්දනී පායලා සීත සැලුවා මේ රාත්‍රියේ
ජීවිතේ අවපසයි මං තාම සිතල කරුවලේ
මේ කුළු මතින් ඇදී ඔබ එන්න මා කෙරේ
ඔබ වේද මතු දාක මා ලබන රම්බරි
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment