ශ්‍රී ලංකාවේ දුන්තෙල් බත (Sri Lankan Duntel Rice)

ශ්‍රී ලංකාවේ දුන්තෙල් බත (Sri Lankan Duntel Rice) - Your Choice Way
කොලෙස්ටරෝල් තියන අයට හරිම ගුණ කෑමක් ශ්‍රී ලංකාවේ දුන්තෙල් බත,හදලම බලන්න. සුවඳ විහිදුවමින් කෑම රුචිය වැඩි කරයි...

අවශ්‍ය ද්‍රව්‍ය:

  • සුවඳැල් සහල් 300g
  • ලුණු 30g
  • දුන්තෙල් වලින් තෙම්පරාදු
  • කරගත් කුඩාවට කපාගත් ලංකා අල 200g
  • කජු 100g
  • මුද්දරප්පලම් 20g
  • රම්පෙ , කරපිංචා ස්වල්පයක්
  • කරදමුංගු ඇට 3
  • කරාබු නැටි 3
  • තෙලෙන් බැඳගත් කරපිංචා කොළ ටිකක්
  • දුන්තෙල් මේස හැදි 8 පමණ
  • ලුණු ස්වල්පයක්
  • පොල් කිරි 300g
  • වතුර ලීටර් 2

ස්ටොක් එක සාදන ක්‍රමය:

  1. කරපිංචා, කරාබු නැටි, කරදමුංගුඑක පොට්ටනියකට දමා බැඳගන්න.
  2. පළමුව භාජනයක් ගෙන එයට වතුර, ලුණු සහ කරාබු නැටි, කරපිංචා, කරමුංගු මිශ්‍ර පොට්ටනිය දමා තම්බාගන්න.
  3. ලිපෙන් බාගන්නට ආසන්නව පොල්කිරි ටික දමා උතුරවා ගන්න.
  4. අවසානයේ මෙම ස්ටොක් එක ලීටර් 1 1/2කට පමණ සැකසේ.

බත සකසා ගැනීම:

  1. සහල් හොඳින් කහ වතුරෙන් සෝදාගන්න. භාජනයකට දුන්තෙල් දමා රත් වූ පසු රන්වන් පැහැය වනතුරු ළූණු, රම්පෙ, කරපිංචා බැදගන්න.
  2. පසුව සෝදාගත් සහල් ටික එයට දමා විනාඩි 2ක් පමණ බැදෙන්නට හරින්න.
  3. ඉහත සාදාගත් පොල්කිරි මිශ්‍ර ස්ටොක් එක සහල් මිශ්‍රණයට එක්කර ගන්න. සාමාන්‍ය බතක් සකසන ආකාරයට එවිට බත සකසාගත හැකියි.
  4. පසුව බැදගත් කජු, කරපිංචා, රම්පෙ, මුද්දරප්පලම් ටික දමා හැන්දෙන් දෙපාරක් කරකවා කලවම් කරගන්න.
  5. සුවඳ විහිදුවමින් කෑම රුචිය ඇති කරන මේ දුන්තෙල් බත කෑම මේසයට යවන්න.
ශ්‍රී ලංකාවේ දුන්තෙල් බත (Sri Lankan Duntel Rice)
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment