හරිම ගුණයි කුරක්කන් කැඳ (Kurakkan Porridge Is Very Good)

හරිම ගුණයි කුරක්කන් කැඳ (Kurakkan Porridge Is Very Good)
අද මම ඔයාලට අරගෙන ආවා කුරක්කන් කැඳ..උදේ ආහාරයට මේ කැඳ වීදුරුවක් තිබුනානම් හොදටම ඇති..බොහොම රස ඒ වගේම ගුණ කුරක්කන් කැඳ එක වීදුරවක් ඇති බඩ පිරෙන්න.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • කුරක්කන් පිටි කෝප්ප 1/2 
  • හොදින් පොඩි කරගත් කැකුළු බත් ටිකක් 
  • ඉගුරු සුදු ලුණු තලා ගෙන 
  • පොල්කිරි කෝප්ප බාගයක්
  • සිනි ස්වල්පයක්
  • රස අනුව ලුණු

සාදන ක්‍රමය:

  1. කුරක්කන් පිටි ඉගුරු සුදුලුනු එකතුකර වතුර කෝප්ප හතරක් පමණ එකතුකර ලිපේ තියන්න.
  2. උතුරන විට පොඩි කරගත් බත් දාන්න.
  3. අවසානයේ පොල් කිරි එකතුකර සිනි සහ ලුනු රස අනුව දමා ලිපෙන් බාන්න.
  4. උකු වැඩි නම් වතුර එකතු කරන්න. 
හරිම ගුණයි කුරක්කන් කැඳ (Kurakkan Porridge Is Very Good)
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment