කටට රසට කන්න හදමු එලවළු රොටි.හරිම පහසුයි.ඔයාලත් හදලා බලන්නකෝ.
පිටිමෝලිය සකස් කරගැනීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය:
- පාන් පිටි 250g ක්
- බිත්තර 1 යි
- ලුනු ස්වල්පයක්
මැද පිරවුම සඳහා:
- අර්තාපල් 100 g
- කුඩා කැරට් අලයක්
- ලීක්ස්
- ලුණු ගෙඩියක්
- ගම්මිරිස් තේ හැඳි ½ (එය රස අනුව)
- තුනපහ කුඩු තේ හැඳි ½ යොදාගත හැකි ය.
- කහ ස්වල්පයක්
- රස අනුව ලුණු, කරපිංචා සහ රම්පෙ
මැද පිරවුම සකස් කරගැනීම
- පළමුව අල තම්බා තරමක් කැබැලි තිබෙන සේ පොඩිකර ගන්න.
- භාජනයක් ළිප තබා ඊට තෙල් එක්කර, රත්වන විට රම්පෙ සහ කරපිංචා එක්කර ගන්න.
- දැන් ඊට සිහින්ව කපාගත් කැරට් අලය ද, අර්තාපල්, තක්කාලි සහ ලීක්ස් ද එක්කර ගන්න.
- පසුව තුනපහ කුඩු, ලුණු කුඩු සහ ගම්මිරිස් සහ කහ ද එක්කර ගනිමින් මැදි පිරවුම සකස් කර ගන්න.
පිටිමෝලිය සකස් කරගැනීම
- පාන් පිටි, වතුර,ලුණු සහ බිත්තර හොඳින් මිශ්‍ර කරමින්, අතේ නොඇලෙන පදමට අනාගන්න.
- අනාගත් එම පාන්පිටි, ගුලියක් ආකාරයට සකසා , එහි තෙල් තවරා, තෙල් ගෑ තැටියක තබන්න.
- දැන් තෙත රෙදි කඩක් ගෙන පැයක පමණ වේලාවක් වසා තබන්න.
- ඉන්පසු නැවතත් එම පිටි ටික අනා, කුඩා කොටස් 6 කට වෙන්කර ගන්න.
- නැවතත් මිනිත්තු 20 ක පමණ කාලයක් පසෙකින් තබන්න. ඉන්පසු තෙල් තවරා ගත් මතුපිටක හොඳින් තුනීකර, සාමාන්‍ය ප්‍රමාණයේ රොටියක් ආකාරයට සකස් කර ගන්න.
- දැන් එහි අඟල් 3 ක පමණ දුරින් ඉහත සකස් කළ මිශ්‍රණය තබා, දෙපසින් මතුපිටට නවන්න. ඉන්පසු නැවත ඉතිරි කොන් ද මතුපිටට නවා හතරැස් ආකාරයට රොටිය පිළියෙළ කරගන්න.
- අනතුරුව , තෙල් තවරාගත් තැටියක් මත තබා, රන්වන් පැහැ ගැන්වෙනතුරු මඳ ගින්නේ පුළුස්සා ගන්න.
![එළවළු රොටී හදමු (Let's Make Vegetable Bread[Elawalu Roti]) - Your Choice Way එළවළු රොටී හදමු (Let's Make Vegetable Bread[Elawalu Roti]) - Your Choice Way](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjzdHLF53O1tTSs5rxiwkQ11g2mKzh2muFCo7QNoyuu_xWepMdAjm9CrUa3FBKlH7i8U3A0d2wsCUaYNAPi-FmwzqYobu3K8ahuez8WQyWuQhxyW6gRB3cM2IVudiq99GbzplEKJYKv4q4/w640-h558/%25E0%25B6%2591%25E0%25B7%2585%25E0%25B7%2580%25E0%25B7%2585%25E0%25B7%2594+%25E0%25B6%25BB%25E0%25B7%259C%25E0%25B6%25A7%25E0%25B7%2593+%25E0%25B7%2584%25E0%25B6%25AF%25E0%25B6%25B8%25E0%25B7%2594+%2528Let%2527s+Make+Vegetable+Bread%255BElawalu+Roti%255D%2529+-+Your+Choice+Way.png)
![එළවළු රොටී හදමු (Let's Make Vegetable Bread[Elawalu Roti]) එළවළු රොටී හදමු (Let's Make Vegetable Bread[Elawalu Roti])](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg2ducXB1QCmFgQj4llHnEbPQZ710pXPmeHaGhMZ0Y96JR8Y-2xp8X99M3i3vijwrLWaQtIjo_U874DJM3ggcLjKnlYeczgDtaNJXpDBCg8lN6kA0MYEm63zLlfZtWHg1mTPzNyHlNlkOA/w640-h558/%25E0%25B6%2591%25E0%25B7%2585%25E0%25B7%2580%25E0%25B7%2585%25E0%25B7%2594+%25E0%25B6%25BB%25E0%25B7%259C%25E0%25B6%25A7%25E0%25B7%2593+%25E0%25B7%2584%25E0%25B6%25AF%25E0%25B6%25B8%25E0%25B7%2594+%2528Let%2527s+Make+Vegetable+Bread%255BElawalu+Roti%255D%2529+-+Your+Choice+Way.jpg)
0 comments:
Post a Comment