ඉබ්බාගල මත පිහිටි - ඉබ්බාගල රජ මහා විහාරය ☸️🙏(Ibbagala Rajamaha Viharaya)

අද අපි කතා කරන්න යන්නේ කුරුණෑගල තියෙන තවත් මනරම් පුද බිමක් ගැනයි.ඒ නමින් ඉබ්බාගල රජ මහා විහාරයයි.  

මෙය පුරාණ ලෙන් විහාරයක් ලෙසද හදුන්වනවා.මුලින් ඉබ්බාගල කියන නම් නිර්මාණය වූ හැටි දැනගමූ.

විජය රජු විසින් කුවේණිය පලවා හරින ලද අවස්ථාවේදී ඈ දුක්මුසුව හඬා වැටෙමින් විජය රජුට ශාප කළ බවත් එය වට සිටි සතුන් වන ආඳෙක්, එළුවෙක්, ඉබ්බෙක්, කුරුමිණියෙක් ,ඇතෙක්, ගල් බවට පත් වී ඇති බව ජනප්‍රවාදයේ සදහන් වෙනවා. 

කුවේණිය රැඳී සිට ශාප කළ ගල කුවේණි ගල ද  , අනෙක් ස්ථානය ආදාගල ,එළු ගල , ඉබ්බාගල,  කුරුමිණියා ගල හා ඇත් ගල ලෙස ද හැඳින්වෙනවා.

ඇතුගල හා කුවේණිගලට මැදි වූ ඉබ්බෙකුගේ හැඩයට සමාන හැඩයක් සහිත මෙම ගල් පව්ව ඉබ්බාගල නමින් හඳුන්වනවා.මෙහි ඉදිවුණ විහාරය ඉබ්බාගල රජමහා විහාරය යි. 

මෙහිද ජනප්‍රවාදයක් පවතිනවා.බුවනෙකබාහූ රජුගේ වයෝවෘද්ධ මෑණියන්ට සිරිපා වන්දනාවට මහත් ආසාවක් ඇති වී තිබෙනවා.

නමුත් ඇය සිටින රෝගී බව හේතුවෙන් ඇයව දුර බැහැර එම වන්දනාව සඳහා පිටත් කිරීමට රජු අකමැති බැවින් සිරිපා අනුරුවක් ඉබ්බාගල රජමහා විහාරයේ නිර්මාණය කරලා මෑණියන්ගේ අවශ්‍යතාව සංසිදවූ බව ජනප්‍රවාදයේ සඳහන් වෙනවා.මෙම සිරිපතුල අදටත් දැක ගන්න පුලුවන්.  

බුවනෙකබාහූ රජු විසින් ඉබ්බාගල රජමහා විහාර භූමියේ පිළිම ගෙයක් සහ දාගැබක් ද තනවා විහාරයේ නඩත්තුව උදෙසා ගම්වර පූජාවක් ද සිදුකර තිබෙනවා..

ඒ වගේම මේ විහාරය ඉදිකර ඇත්තේ  දළදා මැදුරේ තේවාව කළ භික්ෂූන් වහන්සේගේ ආවාස පහසුව වෙනුවෙන් බව ද පැවසෙනවා..මෙහි අද ද උඩරට සම්ප්‍රදායට අයත් ප්‍රතිමා සහ බිතුසිතුවම් දකින්න පුලුවන්.

ඉබ්බාගල රජමහා විහාරය තුළ මෙන්ම අවට පරිසරය තුළත් පවතින අයස්කාන්ත බව අවට වැව් හා කඳු පර්වත අතරින් මැවෙන අපූරු දර්ශන සංචාරක ආකර්ෂණය දිනාගැනීමට සමත් වෙනවා.

පින්තූර මුල්හිමිකරු සතුයි 🙏📸
ඉබ්බාගල මත පිහිටි - ඉබ්බාගල රජ මහා විහාරය ☸️🙏(Ibbagala Rajamaha Viharaya) - Your Choice Way

උපුටා ගැනීමකි...

0 comments:

Post a Comment