ඉස්සෝ මසාලා රයිස් (Prawn Masala Rice)

රසම රස බත් එකක්. කාලෙකින් වෙනසකට දෙයක් හැදුවේ නැති අය‍ට නම් මේක නියම රෙසිපියක්. අපි බලමු කොහොමද හදන්නේ කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය:
  • හාල් කප් 2කින් උයාගත් බාස්මති බත්
  • නැට්ට හිටින්න පිට පලලා සුද්ද කරගත් ඉස්සෝ 250g
  • චොප් කරගත්තු ළුණු ගෙඩියක්
  • චොප් කරගත් අමුමිරිස් කරලක්
  • චොප් කරගත් තක්කාලි
  • තලාගත් ඉගුරු සුදුළුනු මේස හැන්දක්
  • යෝගට් පුරවලා මේස හැන්දක්
  • හීනියට ලියාගත් කොත්තමල්ලි කොළ හැන්දක්
  • ගරම් මසාලා තේ හැන්දක්
  • මිරිස් කුඩු රහ අනුව
  • කහ චුට්ටක්
  • සුදුරු, අබ ස්වල්පයක්
  • බේ ලිව්ස් ටිකක්
  • ගී මේස හැඳි 3ක් 
සාදන ආකාරය:
  • ගී ටික රත්වෙන්න තියලා ඒකට ළුණු ,සුදුළුනු ටික දාලා තෙම්පරාදු කරගන්න.
  • ළුණු ටික විනිවිද පෙනෙන ගානට ආවාම අබ,සුදුරු,ගරම් මසාලා,මිරිස්,කහ,ලුනු දාලා කලවම් කරන් ඉස්සෝ ටික එකතු කරගන්න.
  • ඉස්සෝ ටික පාට වෙනස්වෙනකම් කවලම් කර තෙම්පරාදු කරගන්න. ගින්දර සාමාන්‍ය ගානට තබා ගන්න.
  • ඒකටම බේ ලිෆ්,තක්කාලි,අමුමිරිස් එක්ක යෝගට් දාගෙන කවලම් කරන වතුර මේස හැඳි දෙකක් දාලා අඩු ගින්දරේ ටික වෙලාවක් උතුරව ගන්න. දැන් ගින්දර පොඩ්ඩක් වැඩිකරගන්න.
  • උතුරනකොට කොත්තමල්ලි කොළ ටික එකතුකරලා උයාගත් බත් ටික එකටම එකතු කරලා හොදට මික්ස් කරගන්න. 
  •  තෙත ගතිය යන්තම් තියෙද්දී ලිප නිවාගන්න. 

0 comments:

Post a Comment