ටිකක් වෙනස් විදිහට බිත්තර වලින් ඔම්ලට් එකක් හදමු (Let's Make An Omelette From Eggs A Little Differently)

අවශ්‍ය ද්‍රව්‍ය:
  • සිහින්ව පෙති කපා ගත් අල ගෙඩි 2ක්.
  • බිත්තර 4ක්
  • රස අනුව ලුනු සහ ගම්මිරිස් .
  • අට ඉවත් කරලා පොඩියට කපාගත් තක්කාලි ගෙඩියක්
  • සිහින්ව කපාගත් ළුණු කොළ ටිකක්
  • සිහින්ව පෙති කපාගත් ළුණු ගෙඩියක්
  • තෙල් මේස හැඳි 4ක්
සාදන ආකාරය:
  1. තෙල් ටික රත් වෙන්න හැර අල පෙති ඒ මතින් තබා ලුණු සහ ගම්මිරිස් ඉස අල රන්වන් පැහැ වනතුරු දෙපැත්තම බැදගන්න.
  2. අල බැදුණු පසු එයට ළුණු එක්කර ළුණු ටිකත් රන්වන් පැහැ වනතුරු අඩු ගින්දරේ බැදගන්න.
  3. බිත්තර වලට රස අනුව ලුනු සහ ගම්මිරිස් එක්කර බීට් කරගෙන එය පෑන් එක මත ඇති අල සහ ළුණු මිශ්‍රණයට එක් කරගන්න.
  4. එයට උඩින් තක්කාලි සහ ළුණු කොළ ටික දමා ගන්න.
  5. ඔම්ලට් එකේ යට කොටස පිසුණු පසු ප්‍රවේසමෙන් අනිත් පැත්ත හරවා දෙපැත්තම පුළුස්සා ගන්න.

0 comments:

Post a Comment