රසට එළවළු චොප්සි හදා ගන්න හොදම ක්‍රමය මෙන්න (Here Is The Best Way To Make Delicious Vegetable Chops)

අවශ්‍ය ද්‍රව්‍ය:
  • කොටු හැඩයට කපාගත් කැරට් ග්‍රෑම් 100
  • කොටු හැඩයට කපාගත් අල ග්‍රෑම් 100
  • කුඩා කැබලි වලට කපාගත් බොංචි ග්‍රෑම් 100
  • කපාගත් බේබි කෝන් ග්‍රෑම් 25
  • කොටු හැඩයට කපාගත් පිපිඤ්ඤා ග්‍රෑම් 25
  • රතු සහ කොල බෙල් පෙපර් කැබලි කීපයක්
  • තලාගත් ඉගුරු සහ සුදු ළූණු
  • ඔයිස්ටර් සෝස්  තේ හැඳි 1
  • කෝන්පිටි  තේ හැඳි 2
සාදන ක්‍රමය:
  1. වතුර ටිකක් ලිප තබා උතුරන විට ලුණු ස්වල්පයක් හා සීනි ස්වල්පයක් දමන්න. එයට කොටු කපාගත් කැරට්, අල හා බෝංචි දමා වතුර හොදින් නටන විට එළවළු කැබලි ටික පෙරා වතුර වෙනමත් එළවළු වෙනමත් තබා ගන්න.
  2. තෙල් ටිකක් ලිපතබා රත්වන විට තලාගත් ඉගුරු සුදු ළූණු දමා තෙම්පරාදු කරන්න. කලින් පෙරා තබාගත් වතුර වලින් කීපයක් මෙයට එකතු කරන්න. එයට සීනි මේස හැදි 1 ක් දමා හැදි ගාන්න. 
  3. ඉන්පසු ඔයිස්ටර් සෝස් දමා එය කැටි නොගැසෙන පරිදි හොදින් දියවනතුරු හැදි ගාන්න. කෝන්පිටි මේස හැදි දෙකක් ඇල්වතුර ස්වල්පයක දියකර එයද ලිප ඇති භාජනයට ටික ටික එකතු කරමින් හැදි ගාන්න.
  4. එවිට උකු මිශ්‍රණයක් ලැබේවි. දැන් මෙම මිශ්‍රණයට තම්බා නොගත් පිපිඤ්ඤා, බෙල් පෙපර්, බේබි කෝන්, දමා විනාඩියක් පමණ තැම්බෙන්නට හැර මුලින් තම්බාගත් කැරට්, බෝංචි එකතු කරන්න. කැමති නම් ගම්මිරිස් ස්වල්පයක් ද ඉසින්න. 
  5. මිශ්‍රණය පදමට එනවිට ලිපෙන් බාගන්න.


0 comments:

Post a Comment