ගෙදරදීම මාශ්මෙලෝ හදමු (Make Marshmallow At Home)

අවශ්‍ය දේවල්:
  • සීනී 500g
  • ජෙලටින් 30g (මම ගත්තෙ මෝතා පොඩි පැකට් එක)
  • වැනිලා ටිකක්
  • කලරින්
  • බටර් ස්වල්පයක්
  • කෝන්ෆ්ලා හෝ අයිසිං ෂුගර් අවශ්‍ය පමණ
  • මද උණුසුම් වතුර අඩු කෝප්ප 2
සාදාගන්නා ආකාරය: www.yourchoiceway.com
  1. උණුසුම් වතුර 1 cup වල ජෙලටින් ටික හොදට දිය කර ගන්න.
  2. ලොකු බාජනයක් ලිප තබා සීනි ටික දමා එයට ඉතිරි වතුර කප් එක එකතු කරන්න.
  3. අඩු ගින්දරේ සීනි ටික නූල් ඇදෙන පදම එන තෙක් හොදින් හැදි ගාන්න.  www.yourchoiceway.com
  4. නූල් ඇදෙන පදමට ආ පසු,දිය කර ගත් ජෙලටින් ටික එකතු කරන්න.
  5. විනාඩි 5ක් පමණ හොදින් හැදි ගාන්න.ඉන් පසු ලිපෙන් බා නිවෙන්න තියන්න. www.yourchoiceway.com
  6. ඔයාලා කැමති බාජනයක් ගෙන එහි හොදින් බටර් තවරා ගන්න.
  7. දැන් බදුනක් ගෙන සාදා ගත් ද්‍රාවණයෙන් බාගයක් දමාගෙන, එයට වැනිලා ටිකක් එකතු කර හොදින් බීට් කරන්න.
  8. හොදටම බීට් කරන්න ඕනා නැත්නම් හරියට එන්නෙ නැහැ. හොදට බීට් වුනේ නැත්නම් මේකෙ තියෙන ස්පොන්ජ් ගතිය නැති වේවි. බීටරයක් නැත්නම් ගෑරුප්පුවක් අරගෙන හොදට බීට් කරන්න.
  9. දැන් ඔයාලා කැමති කලරින් බින්දුවක් පමණ එකතු කරගෙන ආයෙත් හොදට බීට් කරන්න. www.yourchoiceway.com
  10. ඔයාලගේ අතට තේරෙනවානම් තද ගතියක්, ඒ කියන්නෙ හොදට බීට් වෙලා, දැන් ඒ මිශ්‍රණය බටර් ගා ගත් බදුනට වත් කරගන්න.
  11. ඉන්පසු ඉතිරි ද්‍රාවණයත් පෙර පරිදිම හොදින් බීට් කර ,වෙනත් කලරින් බින්දුවක් එකතු කරගෙන හොදින් බීට් කරන්න. ඒ ටිකත් කලින් මිශ්‍රණය උඩටම වත් කරගන්න.
  12. මම ඊයේ රෑ හදලා අද උදේ තමා කෑලි කැපුවේ, පැය 12ක් පමණ තබා ඒ මතු පිටට කෝන්ෆ්ලා / අයිසිං ෂුගර් ඉස ගන්න. කැමති ප්‍රමාණයේ කෑලි කපා ඒ කෑලි වලත් හොදින් කෝනෆ්ලා / අයිසිං ෂුගර් දවටා ගන්න. www.yourchoiceway.com
  13. හොදින් කෝනෆ්ලා / අයිසිං ෂුගර් ගෑවෙ නැත්නම් භාජනේක දාලා තියාගන්න වෙන එකක් නෑ.ඔක්කොම ටික එකට ඇලිලා තියේවි.

උපුටා ගැනීමකි...

0 comments:

Post a Comment