උළුදු වඩේ හදන හැටි (How To Make Ulundu Wade)

අවශ්‍ය ද්‍රව්‍ය: 
  • උළුදු
  • උඳු - 200g
  • පාංපිටි - 100g
  • සුදුරු ටිකක්
  • පොඩියට කපා ගත්ත ළුෑනු
  • කරපිංචා කොල ටිකක් 
  • අමුමිරිස් ටිකක් 
  • කැලි මිරිස් කුඩු
  • ලුණු ටිකක් 
  • ඉගුරු ටිකක්
  • පොල් බෑයක ගාගත්ත පොල් කුඩු
  • ආප්ප සෝඩා ටිකක්
සාදන ආකාරය: www.yourchoiceway.com
  1. මුලින් කැමති ප්‍රමාණයක් උළුදු අරගෙන හොදින් සෝදා පැය 6-7 පෙගෙන්න දාන්න.
  2. පසු වතුර ටික හොදින් යවා බෙලෙන්ඩර් එකට දමා ටික ටික හොදින් බෙලෙන්ඩර් කරන්න.පසුව වතුර ටිකක් වෙන්න දමා බෙලෙන්ඩර් කරන්න.
  3. උඳු පිටි තියෙනවනං ඉතිං කෙලින්ම ඒ පිටිම ගන්න. ප්‍රශ්නයක් නෑ.(උඳු 200g ට පාංපිටි 100g ක් දාන්නත් පුළුවන්. මොකද උඳු පිටි විතරක් ගත්තම පොඩි තිත්ත රසක් එන්න පුළුවන්).
  4. මෙසේ බෙලෙන්ඩර් කර ගත් මිශ්‍රනයට සුදුරු ටිකක්/පොඩියට කපා ගත්ත ළුෑනු/කරපිංචා කොල ටිකක් හා අමුමිරිස් ටිකක් දාන්න.එකටම කැලි මිරිස් කුඩු ටික හා රස අනුව ලුණු දමා ගන්න.තව ඉගුරු ටිකක් වෙන්න හිනියට කපා දාන්න.පොල් බෑයක ගාගත්ත පොල්කුඩුද දාගන්න. ආප්ප සෝඩත් චුට්ටක් දාන්න.
  5. දැන් මේ සියල්ල හොදින් මිශ්‍ර කර පැය 4 ක් පමණ පිපෙන්න තියන්න. om
  6. මේ මිශ්‍රනය ටිකක් දියාරු වගේ දැනුනෝත් තව බොහොම ටිකක් පාන් පිටි දමා ගන්න.
  7. පසු තෙල් තාච්චිය හොදින් රත් වෙන්න තියා එකට මේ වඩේ මිශ්‍රනයෙන් ටිකක් අතට ගෙන එහි මැද සිදුරක් හදා තෙල් තාච්චියට දමා රන්වන් පාට වනතුරු බැද ගන්න.ගින්දර අඩුවෙන් දමා බැද ගන්න.(ඔයාලා අතට වඩේ මිශ්‍රනය ගන්න පෙර අතේ හොදින් වතුර ගා ගන්න.එතකොට අතේ ඇලවෙන්නේ නැහැ.)

0 comments:

Post a Comment