Layered Jelly Slices හදන හැටි (How to Make Layered Jelly Slices)

අවශ්‍ය දේවල්:
  • ජෙලි ලොකු පැකට් 1 (200 g)
  • මාරි බිස්කට් 200 g
  • බටර් 200 g
  • මිල්ක්මේඩ් පොඩි ටින් 1
  • ජෙලටින් තේ හැදි 3
  • උනුසුම් වතුර කෝප්ප 1/2
  • වැනිලා තේ හැදි 1/2
හදන හැටි:
  1. මාරි බිස්කට් ටික කුඩු කරගන්න. 
  2. බටර් ටික දියකරගන්න. (නටන උනු වතුර භාජනයක බටර් භාජනය තියන්න. ඉක්මනට දිය වෙනවා. )
  3. බටර් ටික බිස්කට් කුඩු වලට දමා මිශ්‍ර කරන්න. 
  4. තෙල් කඩදාසි දා ගත්ත ට්‍රේ එකක හොදට තුනී කරන්න. ( මේක තමා බේස් එක ) .ෆ්‍රිජ් එකට දාන්න. (මම ෆ්‍රීසර් එකේ දානවා ඉක්මනට හදා ගන්න ඕනි නම්)
  5. ජෙලටින් ටික උනු වතුර කෝප්ප 1/2 දියකර මිල්ක්මේඩ් පොඩි ටින් එකත් එක්ක මිශ්‍ර කරන්න.වැනිලා දාන්න. 
  6. බිස්කට් බේස් එක හොදට හයි වුනාම ඊට උඩින් මිල්ක්මේඩ් ලේයර් එක දාලා සෙට් වෙන්න ෆ්‍රිජ් එකේ දාන්න.
  7. ජෙලි පැකට් එකේ ලියලා තියෙන වතුර ප්‍රමානෙන් බාගයක් දාලා ජෙලි හදාගෙන සෙට් වුනු මිල්ක්මේඩ් ලේයර් එක උඩින් දාලා ෆ්‍රිජ් එකට දාන්න. 
  8. සෙට් වුනාම ලස්සනට කපාගන්න.


0 comments:

Post a Comment