චොක්ලට් මූස් (Chocolate Mousse)

චොක්ලට් රසයට ප්‍රිය කරන ඔයාලට රසවත් චොක්ලට් මුස් එකක් හදන විදිහ කියලා දෙන්නයි කෑම ලන්තයෙන් මේ සුදානම් වෙන්නේ.මෙය ඉතා පහසුවෙන් සැදීමට හැකි පානයකි. ගෙදරට අමුත්තෙක් ආ විට පිළිගැන්වීමටද මෙය කදිමයි.
අවශ්‍ය ද්‍රව්‍ය:
  • කුකින් ක්‍රීම් 250ml
  • ග්ලුකෝස් 100g
  • වැනිලා එසන්ස් මේස හැඳි 4
  • ඩාර්ක් චොක්ලට් 180g
  • විපින් ක්‍රීම් 225ml
සාදන ක්‍රමය:
  1. කුකින් ක්‍රීම්,වැනිලා එසන්ස් හා ඩාර්ක් චොක්ලට් බඳුනකට දමා බොයිල් කරගන්න.
  2. ඉන්පසු එයට ග්ලුකෝස් එකතු කරන්න.
  3. මෙය ලිපෙන් බා නිවෙන්නට තබන්න.
  4. විපින් ක්‍රීම් වෙනත් බඳුනකට දමා බීට් කරගන්න.
  5. එයට චොක්ලට් මිශ්‍රණය එකතු කරන්න.
  6. ඉන්පසු එය පයිපින් බෑගයකට දමා එමගින් බඳුනකට දමන්න.
  7. ටික වෙලාවක් ශීතකරණයේ තබාගන්න.
  8. ගානිෂ් කිරීමට කජු හා සීනි බඳුනක තබා රත් කරගන්න.සීනි උණුවන විට ලිපෙන් බා කුඩාවට පොඩිකර චොක්ලට් මුස් එක උඩින් ඉසින්න.

0 comments:

Post a Comment