මාශ්මෙලෝ වලින් හදන මේ රස කෑම 5 (These Are The 5 Dishes Made From Marshmallow)

මාශ්මෙලෝ වලින් හදන මේ රස කෑම 5 කන්න පොඩ්ඩො එක්ක ලොක්කොත් තරඟ කරාවි.

පුංචි දරුවන්ගෙ උත්සව වලදි එයාලව සතුටු කරන්න මොනවද හදන්නෙ කියන එක අම්මලට ලොකු ප්‍රශ්ණයක්. ඉතින් අනිවා අපි අද අරගෙන ආවේ පොඩි දරුවන්ගෙ උත්සව වෙලාවක ලේසියෙන්ම ඉක්මණින්ම මාශ්මෙලෝ වලින් අම්මලට හදාගන්න පුළුවන් රසම රස  කෑම ජාති ටිකක්. හැබැයි මේව කන්න පොඩි බබලා එක්ක ලොකු බබාල තරඟ කරන්නත් ඉඩ තියෙනව.
1. මාෂ්මෙලෝ චොකෝ බනානා ටෝස්ට් (Marshmallow Choco Banana Toast)www.yourchoiceway.com
අවශ්‍ය ද්‍රව්‍ය:
  • පාන් පෙති කීපයක්
  • බටර් www.yourchoiceway.com
  • මාශ්මෙලෝ
  • චොකලට් චිප්ස් හෝ කුඩාවට කපා ගත් කුකින් චොකලට්
  • පෙති කපාගත් ඉදුණු කෙසෙල්
සාදන ආකාරය:
  1. පාන් පෙතිවල දෙපැත්තේම බටර් තවරා ගන්න. 
  2. මාශ්මෙලෝ කුඩා කැබලි වලට කඩා පාන් පෙත්ත මත අතුරා ඒ මතින් චොකලට් චිප්ස් සහ කෙසෙල් අතුරා ගන්න.
  3. ඒ මතින් තවත් පාන් පෙත්තක් තබා ටෝස්ටරයක ටෝස්ට් කරගන්න.
2. මාෂ්මෙලෝ රටකජු බටර් බෝල (Marshmallow Peanut butter Balls) www.yourchoiceway.com
අවශ්‍ය ද්‍රව්‍ය:
  • රෝස්ට් කරගත් අමු රටකජු
  • අයිසින් සීනි
  • මාශ්මෙලෝ www.yourchoiceway.com
  • බටර්
සාදන ආකාරය:
  1. රට කජු වලින් කොටසක් බටර් එක් කර මෘදු පේස්ට් එකක් වන තුරු ග්‍රයින්ඩ් කරගෙන එයට රස අනුව අයිසින් සීනි එක් කරන්න.
  2. ඉතිරි කොසට තරමක් කෑලි හිටින ලෙස ග්‍රයින්ඩ් කරගන්න.
  3. මාශ්මෙලෝ කැබල්ලක් මැදට සිටින සේ රටකජු පේස්ට් එකෙන් ආවරණය කර බෝලයක් සාදාගන්න.
  4. කැබලි සිටින්න අඹරාගත් රටකජු උඩින් දවටා කෑමට ගන්නා තුරු ශීත කරණයේ තබා ගන්න.  www.yourchoiceway.com
3. මාෂ්මෙලෝ පොප්කෝන් බාර් (Marshmallow Popcorn Bars) www.yourchoiceway.com
අවශ්‍ය ද්‍රව්‍ය:
  • මාශ්මෙලෝ
  • බටර් www.yourchoiceway.com
  • පොප්කෝන්
සාදන ආකාරය:
  1. බටර් ස්වල්පයක් බාජනයකට දමා මෙන්න මේ පහසු ක්‍රමයට බොයිල් කරගෙන (ඩබල් බොයිල්)   එයටම මාශ්මෙලෝ එක් කර මාශ්මෙලෝ උණුකරගන්න. (බටර් සහ මාශ්මෙලෝ බාජනයකට දමා මයික්‍රොවේව් කරගන්නත් පුළුවන්) www.yourchoiceway.com
  2. එයට පොප් කෝන් එක් කර හොඳින් කලවම් කර බටර් ගා ගත් තැටියක අඟල් 2ක් පමණ ඝණකමට තුනී කර නිවෙන්න හැර කෑලි කපා ගන්න.

4. චොකලට් ආලේපිත මාෂ්මෙලෝ (Chocolate Coated Marshmallow) www.yourchoiceway.com
අවශ්‍ය ද්‍රව්‍ය:
  • මාශ්මෙලෝ
  • මිල්ක් කුකින් චොකලට්
  • ස්ප්‍රින්කල්ස් www.yourchoiceway.com
සාදන ආකාරය:
  1. මාශ්මෙලෝ කැබල්ල බැගින් ටූත් පික් වල අමුණාගන්න.
  2. කුකින් චොකලට් ටික ඩබල් බොයිල් කරගෙන තරමක් නිවෙන්න හැර මාශ්මෙලෝ චොකලට් වල ගිල්වා දවටා ගන්න.
  3. ස්ප්‍රින්ක්ල්ස් දවටා වියලෙන්න තබන්න.
5. මාෂ්මෙලෝ චොකෝ නට් බාර් (Marshmallow Choco Nut Bars) www.yourchoiceway.com
අවශ්‍ය ද්‍රව්‍ය:
  • මිල්ක් කුකින් චොකලට්
  • රෝස්ට් කර කුඩාවට කැපූ කජු
  • රෝස්ට් කර කුඩාවට කැපූ රට කජු
  • මාශ්මෙලෝ
  • බටර්
සාදන ආකාරය:
  1. බටර්, මාශ්මෙලෝ සහ කුකින් චොකලට් භාජනයකට දමා ඩබල් බොයිල් කරගන්න. www.yourchoiceway.com
  2. සියල්ල හොඳින් දිය වූ පසු කජු වර්ග දෙක එක් කර මිශ්‍රනය බටර් තවරා ගත් තැටියක ඝණකමට තුනීකර නිවෙන්න අරින්න.
  3. පැයක් පමණ ශීත කර කෑලි කපාගන්න.
උපුටා ගැනීමකි...

0 comments:

Post a Comment