මාරි බිස්කට් පුඩිම (Mari Biscuits Pudim) | Your Choice Way

අවශ්‍ය ද්‍රව්‍ය:
  • මැලිබන් ගොල්ඩ් මාරි පැකට් ග්‍රැම් 250
  • හරිස්චන්ද්‍ර කෝපි පැකට් 1යි
  • අයිසින් ෂුගර් ග්‍රැම් 150
  • ඇස්‍ට්‍රා මාගරින්
  • කොර්න් ෆ්ලවර්
  • චොක්ලට් පවුඩර්
  • සීනි
  • කැබලි කඩාගත් කජු
  • කිරි කෝප්ප 4
  • වැනිලා
සාදන ක්‍රමය:
1. ඉතා තදට කෝපි රස සිටින සේ සීනි නොදා කෝපි සාදා ගන්න. එයට අත දමන තරම් රස්නෙ ඇති විට මාරි බිස්කට් එයට දමා පොගවන්න. (බිස්කට් කඩා ගන්න එපා) ඇස්ට්‍රා තැවරූ තැටියක බිස්කට් තට්ටුව අතුරා ගන්න.

2. ඇස්ට්‍රා, අයිසින් සීනි බදුනකට දමා බීට් කරන්න. එයට වැනිලා දමා නැවත බීට් කරන්න. මෙයට කිරි ටික ටික දමා උකු ද්‍රාවනයක් සාදා ගන්න. මෙය පෙර කී බිස්කට් තට්ටුව මතට වත් කරන්න.

3. මෙලෙස බිස්කට් තට්ටු හා අයිසින් තට්ටු කීපයක් දමා ගන්න. අන්තිමට බිස්කට් තට්ටුව දමා අයිසින් නොදා තබන්න.

4. කොර්න් ෆ්ලවර් හැදි දෙකක් චොක්ලට් කුඩු රස අනුව සීනි සමග මිශ්‍ර කරන්න. නිවුනු කිරි කොප්ප 2ක් ගෙන එම මිශ්‍රනය දමා දිය කරන්න.

5. මෙය පෙරා ලිප තබා හැදි ගාමින් මද රස්නෙන් උනු කරන්න. එය උකු වී සවි වීමට ආසන්න විට (කස්ටඩ් හදන පදම) ආ විට ලිපෙන් බා අර බිස්කට් මතට වත් කරන්න. ඇත්තටම ඒක ගොඩක් උසට දන්න එපා. ( උස වැඩි උනාම තාත්ත කියන්නෙ අර දොදොල් වගෙ එක වැඩි කියලා )

6. මේක ටිකක් වැඩි වෙලා ෆ්‍රිජ් එකේ තියන්න. හොදම දේ රෑට හදල දාන්න. උඩින් කජු කැබලි, චොකලට් කැබලි ඉස අලන්කාර කර ගන්න.. හොදට හයි උනාම කෑලි කපන්න පුලුවන්.

👉👇තවත් කෑම වට්ටෝරු පහතින්👇👌

උපුටා ගැනීමකි...

0 comments:

Post a Comment