ගෙදරදීම ජෑම් හදමු (How To Make Jam At Home) | Your Choice Way

ගෙදර ජෑම් බෝතලේ ඉවර වෙලා තිබුණත් මේ කාලේ හිතූ හැටියට ෂොපින් යන්න බෑ. ඒත් ගෙදර ගස්වල පළතුරු තියනවා නම් ජෑම් හදා ගන්න පොඩ්ඩක්වත් අමාරු නෑ.

මේ කියන්නේ අඹ ජෑම් හදන හැටි…
අවශ්‍ය ද්‍රව්‍ය:
  • හොඳින් ඉදුණු අඹ
  • සීනි කෝප්ප එකහමාරක්
  • දෙහි බෑයක යුෂ
  • වතුර කෝප්ප 1/4

සාදා ගන්නා ආකාරය.
  1. අඹ වලට වතුර එකතු කරගෙන බ්ලෙන්ඩ් කරගන්න.
  2. එයට සීනි එකතු කර අඩු ගින්දරේ ලිප තබන්න.
  3. මිශ්‍රණය උකු වනතුරු දිගටම හැඳිගාන්න.
  4. මිශ්‍රණය උකු වූ විට දෙහි යුෂ එකතු කරගන්න.
  5. හොඳින් උකු වුන මිශ්‍රණය නිවෙන්නට හැර ජීවාණුහරණය කරගත් බෝතලයකට ශීතකරණයේ දමා ගන්න.

අන්නාසි, දිවුල්, ජම්බු වගේ පළතුරු ගෙවත්තේ තියනවා නම් ඔබට රස කිහිපයකට ජෑම් හදා ගන්න පුලුවන් වෙයි.


උපුටා ගැනීමකි...

0 comments:

Post a Comment